ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රටේ සියලු ආගම් ආරක්ෂා කර ගැනීමට රජය කැපවෙනවා

    ජූලි 25, 2014
    රටේ සියලු ආගම් ආරක්ෂා කර ගැනීමට ඇති වගකීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරද්දී ඉතිහාසයේ පටන් අපේ රටේ පැවති ජාතික සමගිය සහ සහජීවනය රැකගෙන ඉදිරියට ගෙන යාම සෑම පුරවැසියෙකුගේම වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    ඉතිහාසයේ සිට පැවති එම සංස්කෘතික බැඳීම් ඉදිරියට ද ඒ අයුරින් ම පැවතිය යුතු බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඉපදුණු රට රැක ගැනීමට ඇති වගකීම හඳුනාගෙන සියලු දෙනා කටයුතු කළ යුතු බව ද පැවසීය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ අනුරාධපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (24) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි. 
     
    අපේ රටට අනන්‍යවූ සහ රටේ සියලු ජාතීන්ට පොදු සංස්කෘතියක් අපට තිබෙන බැවින් වෙනත් රටක සංස්කෘතියක් අපට අවශ්‍ය නොවන බව ද පැවසූ ජනාධිපතිතුමා එකම සහෝදර කැලක් ලෙස රටේ සංස්කෘතියත්, සභ්‍යත්වයත්, අනන්‍යතාවත් රැකගෙන ඉදිරියට යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවද පැවසීය. 
     
    ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයෙන් බැට කෑ අඳුරු අතීතය අප අමතක නොකළ යුතු බවත් එය මතකයේ තබා ගනිමින් එවන් අත්දැකීමක් අනාගත පරපුරට ලබා නොදෙන්නට ජාති, ආගම් බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බවද මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    අමාත්‍ය තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, බී. මුතුකුමාරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya