රජයේ මුද්‍රණ කටයුතු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිතුමා අඩු පාඩු ද විමසා බැලීය.
මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරු ව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.
මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින,පොළොන්නරුව, ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.