ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රජයේ සේවකයා වෙනුවෙන් වැඩියෙන් ම වැඩ කළේ වත්මන් ආණ්ඩුවයි- රාජ්‍ය පරිපාලන අමාත්‍ය

    මාර්තු 08, 2019

    රජයට කුමන අපහසුකම් තිබුණත් රජයේ සේවකයන්ට සළකා තිබෙන බවත් රජයේ සේවකයා වෙනුවෙන් වැඩියෙන් ම වැඩ කළේ වත්මන් ආණ්ඩුව බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08)පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

    මේ රටේ සෑම කොටසක්ම වෙනුවෙන් ම සහන දෙන අයවැය ලෙස  මෙම අයවැය හැදින්විය හැකියි. රට බාර ගන්නකොට විශාල ණය කන්දක් එක්ක තිබුණේ. අද අපි ණය ගෙවමින් රටට අයෝජන වැඩි කර තිබෙනවා. මෙවර අයවැයෙන් රටේ සංවර්ධනයට බිලියන හත්සිය පනස් හයක් ආයෝජනය කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට මිල පාලනයක් තිබෙනවා. 2015ට පෙරට වඩා අඩුව තිබෙන්නේ. ඉන්ධන සහන මිලට ලබාදෙනවා. මේ  රටේ උද්ධමනය පාලනය කළ එකම ආණ්ඩුව මෙයයි.

    ''ළඟම පාසල හොඳම පාසල'' යටතේ, ගමේ පාසලේ සියලු  අවශ්‍යතවන් ලබාදෙමින් යනව. සමෘද්ධි ව්‍යාපාරය වසර 24ක් තිස්සේ දේශපාලන ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක්  කළා. සමෘද්ධි දීමනාව තුන් ගුණයකින් වැඩි කළේ අපි. රජයේ සේවකයා වෙනුවෙන් වැඩියෙන් ම වැඩ කළ
    ආණ්ඩුව මෙයයි. ලබන වසරේ 24250ක් වෙනවා කම්කරුවාගේ වැටුප වැඩි වෙනවා. රජයේ සේවකයන්ට  ආත්මගරුත්වයෙන් ජීවත් වෙන්න අවස්ථව ආණ්ඩුවෙන් ලබාදී තිබෙනවා. බිලියන 12ක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න වෙන් කර තිබෙනවා.මොන ප්‍රශ්න තිබුණත් රජයේ සේවකයින්ට සළකා තිබෙනවා.  පොලීසියේ වැටුප් වැඩි කර තිබෙනවා.ස්වාධීන පොලිස් කොමිෂමක් ඇති කර තිබෙනවා.පොලීසියේ සියල්ලට රාජකාරි කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසී ය'.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya