මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙළ කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුථ මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්. ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්, ප්‍රජා සංවධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, බන්ධනාගාර රැදවියන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පිරිස් මෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරයේ රියදුරන්, රිය සහායකයන් ඇතු`ථ සමාජයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් විශාල පිරසක් මෙම සමුථවට සහභාගී වි සිටියහ.



















