ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ICAPP සමුළුවේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක්

    ජූලි 31, 2014

    ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ (ICAPP) මීළඟ රැස්වීමේ සංවිධාන කටයුතු පිළිබඳ ව සාකච්ඡාවක් අද (31) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ නිලධාරීන් අතර පැවැත්විණි.

    ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුව (International Conference of Asian Political Parties) ලබන සැප්තැම්බර් 18 - 21 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ සම සහභාගීත්වයෙන් “ආසියානු ප‍්‍රජාවක් ගොඩනැගීම” යන තේමාවෙන් එහි අටවන සමුළුව මෙවර පැවැත්වේ.


    සෞඛ්‍ය අමාත්‍ය සහ ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය හා අමාත්‍යංශ රැසක ලේකම්වරුන් ද රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මේ සාකච්ඡාවට එක් ව සිටියහ.


    HC/NDH- Pix By: Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya