ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව 150,202ක්

    අගෝස්තු 07, 2014
    ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයෙන් පසු 2012 සැප්තැම්බර් 30 වන විට උතුරේ නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව 150,202ක් බවත් එම ප්‍රදේශ බිම්බෝම්බ ඉවත් කර සහන කලාප බවට පත් කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ (විශේෂ විධිවාධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    මේ රටේ ත්‍රස්තවාදය පැවති සමයේ උතුරේ වෙනම අධිකරණයක්, බැංකු පද්ධතියක් පැවතිණි. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මෙවැනි උත්තරීතර සභාවකට මෙවැනි පනතක් ගේන්න හැකි වී ඇත්තේ ත්‍රස්තවාදය නැති කිරීමට රණ විරුවන් ජීවිතය කැපකළ නිසයි. එදා හදිසි නීතිය දින ගණනින් ගණන දීර්ඝ කළා. ටී.එන්.ඒ. අය එදත් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළේ නැති බව ඔහු පැවසීය.

     

    සම්බන්ධන් මහතා උතුරේ පවුල් නැවත පදිංචි කළේ නැති බව කියනවා. රුපියල් 25,000 ගණනේ රුපියල් මිලියන 2241ක් එහි සිටින පවුල්වලට ආධාර වශයෙන් නිවාස ඉදිකිරීමට ලබාදී ඇත.  ලෝක ආහාර වැඩසටහන යටතේ වියළි ආහාර සහන පැකේජයක් ලබා දීමටත් ආහාර නොවන ද්‍රව්‍ය එනම් තුවා, සබන් වැනි ද්‍රව්‍ය අඩංගු රුපියල් 9000ක පැකේජයක් ලබාදීමටත් පියවර ගෙන ඇත. කෘෂි උපකරණ පවුල් 95,000ක් සඳහා ලබා දී ඇති අතර රුපියල් මිලියන 208ක් වැය කර සිමෙන්ති කොට්ට 08 බැගින් පවුල් 50,000කට බෙදා දී ඇත. ප්‍රවාහන පහසුකම් මෙන්ම කෘෂිකර්මාන්තය සඳහා බීජ හා පොහොරත් ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ත්‍රස්තවාදීන්ගෙන් අහිංසක ද්‍රවිඩ ජනතාව ගලවා ගන්නයි සටන් කළේ. සම්බන්ධන් මහතා කතා කරන හැම වචනයකින්ම කියන්නේ ද්‍රවිඩ ජනතාව ගැන පමණයි. මේ රටේ හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියෝයි. මේ රටේ මුස්ලිම් ජනතාවත් ඉන්නවා. සුළු ජනතාවත් ඉන්නවා. ඒ අය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

     

    ත්‍රස්තවාදය අවුලන්න එපා. සාමයට ගරු කරන්න. ජාතිවාදය අවුස්සන්න එපා. එකම පුරවැසියන් ලෙස ජීවත් වෙමු යන්නත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya