ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී දළදා නියැළුම (App) ජංගම දූරකතන සඳහා නිකුත් වේ

    අගෝස්තු 15, 2014

    ශ්‍රී දළදා මාලිගාවේ නිල ජංගම දූරකතන නියැළුම අවසන් රන්දෝලි පෙරහැර දින දී (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් නිකුත් කෙරිණ.

     

    දළදා මාලිගාව සඳහා පැමිණීමට මාර්ග සිතියම හා දිශාව, දළදා මාලිගාවේ ඉතිහාසය, මාලිගාව අභ්‍යන්තර ස්ථාන, පිංතූර එකතුව හා ශ්‍රී දළදා පෙරහැර පිළිබඳ වැඩි විස්තර මෙම ජංගම දූරකතන නියැළුම මඟින් පෙන්නුම් කරයි.


    ලොව පුරා විසිරී සිටින දහස් ගණනක බෞද්ධ ජනතාවට ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින ශුද්ධ වූ ස්ථානය පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයීමේ අදහසින් මෙම ජංගම දූරකතන නියැළුම නිකුත් කර ඇත.

     

    ජංගම දූරකතන නියැළුම අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ හා මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය මධ්‍යයේ සිදු කෙරූහ.


    ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

     

    මෙම ජංගම දූරකතන නියැළුම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ සහය ඇතුව අසංග අබේසේකර මහතා විසින් හඳුන්වා දෙන ලදී. එය Accura Tech මඟින් සකසා ඇත. මෙම නියැළුම ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් හා IOS නියැළුම් ගබඩාවලින් (App stores) නොමිලේ භාගත කර ගැනීමට හැකියාව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya