මෙහිදී ආසියා ෆැසිපික් තැපැල් සංගමයේ විධායක සභාවේ 2014 වාර්ෂික රැස්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුද්දර 04ක් සහ මුල් දින කවර තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද සිදුවිය.
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අබේරත්න, විශ්ව තැපැල් සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් බිෂාර් හුසේන්, ආසියා ෆැසිපික් තැපැල් සංගමයේ අධ්‍යක්ෂ ලිං හෝන් ලියෑං මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB




















