ශ්‍රී ලංකාවේ නිපදවනු ලබන්නේ සමස්ත ලෝක ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් 1.1%ක් පමණි. 2013 වසරේ ලෝක ස්වභාවික රබර් නිෂ්පාදනය මෙට්රික් ටොන් 12,036,000ක් පමණ වූ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය මෙට්රික් ටොන් 130,421ක් පමණ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක ස්වභාවික රබර් වෙළෙඳපොළේ මිල කෙරෙහි ඍජු බලපෑමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකාවේ රබර් සඳහා ඇති ඉල්ලුම අඩුවීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රබර් සඳහා වන ඉල්ලුම අඩුවීමයි. ලොව සෑම රබර් වගා කරන රටක ම අඩු මිල තත්ත්වයක් දැකිය හැකියි. සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ රබර් මිල වෙනත් රටවල රබර් මිලට සමාන තත්ත්වයක් පවතින බව පෙනේ. දැනට සමස්ත රබර් ආනයනය කිරීමේදී පනවා ඇති බදු පිළිබඳ ව සලකා බැලීමේදී රබර් ආනයනය කිරීම කිසිසේත්ම ලාභදායී නොවන බව පැවසූ අමාත්‍යවරයා එසේ ආනයනය කරනු ලබන රබර් යොදා ගෙන අගය එකතු කිරීමේ භාණ්ඩ තරගකාරී මිලකට අලෙවි කිරීම පහසු නොවන බව ද පෙන්වා දුන්නේය.
රබර් කර්මාන්තය රැකගැනීම සඳහා දිගුකාලීන පියවර රැසක් රජය මඟින් ගෙන ඇත. ඒ අනුව පවත්නා වගාවේ ඵලදායීතාව වැඩි කිරීමට (බිම් ඒකකයකින් ලබන අස්වැන්න වැඩිකිරීම) ආර්ථික ඵලදායී වයස ඉක්ම වූ රබර් වගාව නැවත දිරිගැන්වීම හා නැවත වගා කිරීමේ ප්‍රතිශතය 3%ක මට්ටමක පවත්වා ගෙන යාම, යහපත් කෘෂිකාර්මික පරිචයක් ප්‍රචලිත කිරීම, වැඩි අස්වනු ලබා දෙන සහ රෝග පලිබෝධ හානි සඳහා ඔරොත්තු දෙන නව ක්ලෝන වර්ග ඇති කිරීම හා ප්‍රචලිත කිරීම, නව තාක්ෂණය හා පුහුණුව ලබාදීම හා පසු අස්වනු හානි වැළැක්වීමට පියවර ගැනීම ප්‍රධාන වන බව ද ඔහු කීය.
රබර් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීම, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති, නව පැළ තවාන් ඇති කිරීම, තන තාක්ෂණය හා පර්යේෂණ දිගට ම ක්‍රියාමක කර ඇත. කර්මාන්ත ශාලා නවීකරණය, විකල්ප බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දීම, සමූහ සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීම හා වගකරුවන්ගේ සංවිධාන බල ගැන්වීම යනාදිය කර්මාන්තකරුවන් හා වගාකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුකිරීමට ගෙන ඇති පියවර බව ද ඔහු පෙන්වා දුන්නේය.
NDH/HC