විපක්ෂය චෝදනා කරන්නේ මෙය ඡන්ද ගන්න කරන වැඩක් කියලා. නමුත් මෙම පනතේ හරය ගැන කියනවා නම් එහි විවේඡන ගැන කියනවා. ඒවා නිවැරදි කර ගන්න පුලුවන්. මෙම පනත සඳහා ආර්ථික කොමිෂන් සභාව/ එස්.ඒල්, ජාතික ඵලදායී කොමිෂන් සභාව ආදී වශයෙන් ආයතන 05ක් මේ සඳහා භාවිතා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ මෙම පනත්හි සඳහන්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රට වැටුණු අවස්ථාවේ දී ඇතැම් නායකයෙන් පැන ගියේය. එය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණි. එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ මෙම පනත් මගින් පැහැදිලිව පෙන්නුම් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසිය.