ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද වෛද්‍යවරුන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර වත්මන් රජය ගෙන තිබෙනවා

    අගෝස්තු 08, 2024

    ආයුර්වේද වෛද්‍යවරුන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර රජය යටතේ ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීයග පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්  වහන්සේ ඇසූ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පාරම්පරික වෛද්‍යවරුන් 17,534 ක් මේ වන විට ලියාපදිචි කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් වාර්ෂිකව ඉහළ ගොස් තිබෙනවා. 2018 වසරේ අයදුම්පත් 278 ක් ඉදිරිපත් වුණා. 2019 වසරේ 413 යි. 2020 වසරේ 43 යි. කොවිඩ් වසංගතය නිසා අයදුම්පත් අඩුවක් වුණා. 2021 වසරේ 630 යි. 2022 වසරේ 563 යි. 2023 වසරේ 646 යි. 2024 ජූනි 31 වන විට අයදුම්පත් 712 ක් ඉදිරිපත්ව තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ පසුගිය වසරවලට වඩා මේ වන විට පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපංචිය දෙගුණ වෙලා තිබෙන බවක්. පාරම්පරික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය සඳහා වැඩි ඉඩකඩක් ලැබෙන බව ඉන් පැහැදිලි වෙනවා. වාර්ෂිකව අයදුම්පත් ඉදිරිපත් කළ පාරම්පරික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබාදීම මෙහෙමයි. 2018 වසරේ 55 යි. 2019 වසරේ 91 යි. 2020 වසරේ 27 යි.  2021 වසරේ 172 යි. 2022 වසරේ 166 යි. 2023 වසරේ 242 යි. 2024 වසරේ මේ වන විට 122 ක් සමත්ව තිබෙනවා. තවම මේ වසරට ලියාපදිංචිය ලබාදෙමින් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya