ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03 සහ 04 රැස්වෙයි.

    සැප්තැම්බර් 02, 2024

    පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03වැනි අඟහරුවාදා, සහ 04 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. අද (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

     

    සැප්තැම්බර් 03 වැනි දා, අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

     

    අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට නියමිතයි.

     

    ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

    සැප්තැම්බර් 04 වැනි දා, බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

     

    අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි ,උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය ද්විත්වයක් සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට නියමිතයි.

     

    ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya