වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරයෙක් වුවද, කුමන දේශපාලන මතයක් දැරුවද, ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ට බියෙන් හා සැකයෙන් තොරව තමාගේ කාර්යය ඉෂ්ඨ කර ගැනීම සඳහා අවස්ථාව තිබිය යුතුය යන ස්ථාවරයේ සිට රජය කටයුතු කරනවා. යම් තර්ජන ගර්ජන අපේක්ෂකයන්ට තිබේ නම්, එම අපේක්ෂකයන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයාට වෙනත් අයගේ අනාරක්ෂත බවක් ඇති කර තමාගේ ආරක්ෂාව සළසා ගැනීමේ වුවමනාවක් නැහැ. මෙවර මැතිවරණය සාමාකාමී ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා තර්ජන ගර්ජන අපේක්ෂකයන්ට තිබේ නම් ඒ සඳහා සියලුම, ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන පූර්ණ වැඩපිළිවෙළක් යෙදීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.