ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2014 ලෝක ජනාවාස උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 07, 2014
    2014 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය හා ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය 
    විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යයන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද සිදු කෙරුණු අතර ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.
     
    කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන් හි නිවාස හිමිකම්ලාභීන් 500 දෙනෙක් වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය, ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැති ජනාවාස හා නාට්‍ය උළෙලේ ජයග්‍රාහී නාට්‍ය සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය, 2014 ලෝක ජනාවාස දිනය තේමාකොට ගනිමින් දීප ව්‍යාප්තව පාසල් සිසුන් අතරේ පැවැති චිත්‍ර තරගයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය ආරම්භ කිරීම සහ රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික ප්‍රදානය, කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම මහල් නිවාස ආශ්‍රිතව පිහිටුවා ඇති කළමනාකරණ සංස්ථාවලින් හොඳම කළමනාකරණ සංස්ථා තරගකාරී පදනමකින් තෝරා එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීම ද මෙම සැමරුම් උත්සවයට සමඟාමීව සිදු කෙරුණි.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ඉදිකිරීම්, ඉංජිනේරු 
    සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි මහත්වරු 
    ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE WORLD HABITAD DAY 1
     
     
    HE WORLD HABITAD DAY 2
     
    HE WORLD HABITAD DAY 3
     
    HE WORLD HABITAD DAY 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya