අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව අද රෑ නවය තෙක්

    දෙසැම්බර් 04, 2024

    පාර්ලිමේන්තුව අද(04) රාත්‍රී නවය තෙක්  පැවැත් වේ.

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ  විවාදය  ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට ඊයේ(03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

    මේ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අද පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.

    ප.ව 5.00 ට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් පසුව ප.ව 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවක් ලෙස මෙම  සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya