අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    භාෂණයේ නිදහස තහවුරු කිරීමට රජය කටයුතු කරනවා - අධිකරණ ඇමති

    දෙසැම්බර් 04, 2024

    භාෂණයේ නිදහස අත්‍යාවශ්‍ය බවත් , රජය එය තහවුරු කිරීමට සෑම විටම කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද(04)  පාර්ලිමේන්තුවේදී පැවසීය. 

    ජනාධිපතිතුමා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද  විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රටේ සම්පත් විනාශ කළ දූෂිතයින්ට දඩුවම් දීම, ජාති භේදය, ආගම් භේදය නැති කිරීම, රජය ජනතාවට ලබා දුන්  ප්‍රධාන පොරොන්දු බවත්, ජනතාවට ලබා දුන් එම පොරොන්දු ඉතා ඕනෑකමින් ඉටු කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජාතික සමගිය ගොඩ නැගීමට කටයුතු කරන බවත්, ආගමික අන්තවාදයට හිස එසවීමට  කිසි විටෙකත් ඉඩ නොතබන බව ඒ් මහතා අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා  පැවසුවේ,

     “රටක ආර්ථිකය සහ සමජය ගොඩ නැගීමට නීතියේ ආධිපත්‍යය  ඉතා වැදගත් බවයි. නීතිය අයිති ජනතාවට. ධනය බලය අනුව වෙනස් වන නීතියක් හෝ පුද්ගලයාගේ තරාතිරම බලල වෙනස්වන නීතියක් තවදුරටත් පවතින්නේ නැති බව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර තිබෙනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya