ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාවර නියෝගවල යම් යම් කරුණු සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට

    දෙසැම්බර් 06, 2024

    ස්ථාවර නියෝගවල යම් යම් කරුණු සඳහන්  කර තිබෙන්නේ  පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් විධිමත් කර ගැනීම සඳහා බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය,

    “ මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවත් යම් කිසි ආකාරයකට පිළිවෙළක් කර ගත යුතුයි. කාරක සභා අතරින් වැදගත්ම කාරක සභාව වන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව. කථානායකවරයා ඇතුළු නිල බලයෙන් පත්වන 07 දෙනෙකු සහ තවත් මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් මෙය සමන්විත වෙලා තිබුණා. එක් එක් මැතිවරණවලදී එන පක්ෂ ප්‍රමාණය වැඩි කිරීමට පුළුවන්. ඊළඟ සැරේ මෙය දොළහ නෙමේ පහළොව වෙන්නත් පුළුවන්. ඒ විදියට කටයුතු කළොත් මෙම කාරක සභා පවත්වාගෙන යන්න බැහැ. නමුත් අමාත්‍යාංශ උපදේශක කාරක සභාවලදී මෙම ප්‍රමාණය වැඩි කර තිබෙනවා. නමුත් මෙම ප්‍රධාන කාරක සභාවේ සංයුතිය, විධිමත්ව පවත්වා ගැනීම වැදගත්.

    50ක් 60ක් එකතු කරගෙන බිස්නස් කමිටියේ වැඩ කරන්න බැහැ. නිල බලයෙන්ම විරුද්ධ පක්ෂයේ නායකයාට සහ ප්‍රධාන සංවිධායකවරයාටත් මෙහි නියෝජනයක් තිබෙනවා. අනෙක් කාරක සභා වලදීත් එම මන්ත්‍රීවරුන්ට සාධාරණ නියෝජනයක් ලබා දෙන්න. කාලය සම්බන්ධ ගැටලුවක් තිබේ නම් ආණ්ඩුව පක්ෂය හැටියට විටින් විට එම අවස්ථා ලබා දෙන්න අපි සූදානම්.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya