ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 06, 2024

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරන බව  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද(06) පාරලිමේන්තුවේදි පැවසීය.අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.  

     

    පසුගිය වසර කිහිපය තුළ විද්‍යා හා තාක්ෂණය දියුණු කිරීම සඳහා නිවැරදි අවධානයක යොමු වී නොතිබූ බවද අමාත්‍යවරයා කීය. අපේ රටේ ස්වභාවික සම්පත්වලින් අගය එකතු කළ භාණඩ නිෂ්පාදනය කර එමගින් ආදායමක් ඉපැයිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද කිය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, 

     

    “විද්‍යා හා තාක්ෂණයට අපි වියදම් කරන්නේ ඉතා සුළු මුදලක්. විද්‍ය හා තාක්ෂණය, රටේ ආර්ථිකයට වැදගත් බව පසුගිය රජයයන් හඳුනාගෙන නැහැ.

     

    අපේ දළ ජාතික නිෂ්පාදනයෙන්  විද්‍යා හා තාක්ෂණයට වෙන් කර තිබෙන්නේ සියයට 0.12ක් පමණයි. නමුත් ලෝකයේ අනෙක් රටවල් විද්‍යා හා තාක්ෂණයට විශාල මුදලක් වෙන් කරනවා. අපේ රටේ  අපේ රටේ ස්වභාවික සම්පත් වලින් අගය එකතුකළ භාණ්ඩ හදන්න පුළුවන්. ඒවායින් ආදායමක් ලබන්න පුළුවන්. එප්පාවල පොස්පේට් නිදිය  ඊට උදාහරණයක්. එයින් ත්‍රිත්ව පොස්පේට් හදන්න පුළුවන්.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya