ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    "බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත්" - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    දෙසැම්බර් 08, 2024

    පුද්ගල අභ්‍යන්තරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුල පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ " ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024 '' අමතමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසීය.

    WhatsApp Image 2024 12 08 at 13.12.42

    ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 05කට වඩා විශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවතින මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද මෙම අවස්ථාවෙදී "INTERNATIONAL FRIENDSHIP AWARD" 11 ක් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි.

    WhatsApp Image 2024 12 08 at 13.12.43 1

    බාලදක්ෂ ව්‍යාපාරයට සහය ලබාදෙන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 09 ක් සදහා ස්තූති ඵලක පිරිණැමීමත් ඉහළම සම්මානය වන 'Silver Lion' සම්මානය අට දෙනෙකු වෙනුවෙන් පිරිණැමීමත් මෙම උත්සවයේ දී සිදු විය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ ළමා පරපුර යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමයි. අපේ රජයටත් ඒ අරමුණ ඉතාමත් වැදගත්, මේ රටේ දරුවන්ට හොදම දේ ලැබිය යුතුයි. හොදම දේ කියන්නේ දරුවන්ට තමන්ගේ පෞරුෂය දියුණු කර ගන්නත්, කුසලතා බාධාවකින් තොරව දියුණු කරගන්න අවස්ථා සලසා දෙමින් ආණ්ඩුව කැපවෙන එකයි.
    මෙ වැනි ව්‍යාපාර ඉතා වැදගත් රටේ අරමුණ කරා යන්න. බාලදක්ෂ ව්‍යාපාරය මගින් ළමා මනස තුළ යහපත් වටපිටාවක් නිර්මාණය කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න හුරු කරනවා. බාල දක්ෂ ව්‍යාපාරය අපේ රජයේ clean Sri llanka වැඩසටහනට සම්බන්ධ කර ගන්න කියලා බාල දක්ෂ කොමසාරිස්තුමා ඉල්ලීමක් කළා. අපි ඒ ගැන සතුටු වෙනවා. Clean sri lanka වැඩසටහන කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි රටේ සියලු කාර්යයන්හි විනිවිදභාවය වෙනුවෙන් කරන දෙයක්. බාල දක්ෂ වයාපාරය තුළ ඇති වටිනාකම් සහ ආකල්ප වගේම සාමුහිකත්වය ඉතා වැදගත්. අරමුණකට ඇති අවංක බව, වගකීම් වලට තිබෙන කැපවීම, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමට තියන හැකියාව, මේ සියල්ල විනයත් සමග බැඳී තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමින් නගාසිටුවීමට රජයේ සහය ලබා දෙන බවද මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව,ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දේශීය විදේශීය ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට එක් වුහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya