ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

    දෙසැම්බර් 17, 2024

    හිටපු ජනාධිපතිවරුන්ට ත්‍රිවිධ හමුදාව ලබාදී තිබූ ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනයකින් පසු ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා ප්‍රකාශ කළේය.

     මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන්නේ පොලිස් ආරක්ෂාව පමණක් බවද ඒ මහතා කීය.

     පාර්ලිමේන්තුවේදී අද(17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය. 

    පසුගිය මාස එකොළහයි දින පහළොව තුළ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 1448 ක් වැය කර ඇති අතර එය මහජන මුදල් නාස්තියක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳවද ඇමතිවරයා තොරතුරු අනාවරණය කළේය.ඒ අනුව දැනට පවතින ආරක්ෂාව පහත පරිදි වේ. 

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියේ 60 දෙනෙකු සහ හමුදාවේ 228 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් ලබා දී ඇත. 

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හමුදා සාමාජිකයන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා තිබේ. 

    ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හමුදාවේ 188 දෙනෙක් සහ පොලිසියේ 22 දෙනෙක් ඇතුළත් ආරක්ෂාවක් සපයා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya