ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා හිංසනය පිටුදැකීමට හා ළමා අපයෝජන වැලැක්වීමට විස්තීර්ණ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 21, 2014
    ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමට සහ කාන්තා හිංසනය පිටු දැකීමට නව නීති හඳුන්වා දෙමින් වඩා විස්තීර්ණ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට රජය කි‍්‍රයා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරි කාලයේදි රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට තීරණය කර ඇත. ජාත්‍යන්තර සමීක්ෂණ අනුව ශී‍්‍ර ලංකාව ලොව වඩාත්ම ළමා මිත‍්‍රශීලි රටක් ලෙස හඳුනාගෙන ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    පෙරේදා (19) අරලියගහ මන්දිරයේදී කාන්තා හා ළමා සුබසාධන අමාත්‍යාශ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
     
    ශී‍්‍ර ලංකාව තිස් වසරක යුද්ධය නිමා කළ නිසා සෙසු ආසියානු රටවලට වඩා වේගයෙන් සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya