ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආනයනික ගල්අඟුරු තොගයෙන් සිදු වූ පාඩුව අය කර ගැනීමට පියවර ගන්නවා

    ඔක්තෝබර් 23, 2014

    නොරොච්චෝලේ බලාගාරයට නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ගල්අඟුරු තොගයක් ආනයනය කිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව අය කර ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


    අමාත්‍යවරිය මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පත් කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයට 2012 වසරේ සැප්තැම්බර් ආනයනය කළ ගල්අඟුරු තොගය නියමිත ප්‍රමිතීන්ට නොගැළපීම නිසා රහස් පොලිසිය සිදු කළ විමර්ශනයේදී රුපියල් 150,70,44,116.25  අලාභයක් සිදු ව ඇති බව අනාවරණය වී තිබේ.


    මෙට්රික් ටොන්143,932ක් වූ මෙම ගල්අඟුරු ‍තොගය ගෙන්වන විට ධූරයේ සිටියේ තමා නොවන බව කී අමාත්‍යවරිය මේ සිද්ධිය පිළිබඳ ව නීතිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණය පවත්වන අතර මෙයට අදාළ වරද කළ කිසිවකු ආරක්ෂා කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව ද අවධාරණය කළාය.

    තමා ඇමැති ධූරයට පත් වූ පසු මේ සිද්ධියට අදාළ ව විමර්ශන ආරම්භ කළ බවත් වරද කළ අයට එරෙහි ව නඩු පැවරීමට පියවර  ගන්නා බවද ඇය කීවාය. මෙම ගල්අඟුරු තොගය නිසා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව අය කර ගැනීමට පියවර ගන්නා බවත් ගල්අඟුරු සැපයූ  සමාගම බ්ලැක් ලිස්ට් කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු රහස් පොලිසිය පවත්වන බවත් මේ නිසා බලාගාරයේ කටයුතුවලට අවශ්‍ය ගල්අඟුරුවල හිඟයක් නොමැති බවත් ඇය පැවසුවාය.

    මෙරටට ගෙන එන ලද මේ ගල්අඟුරු තොගය අයහපත් කාලගුණ තත්ත්වය මත සම්පූර්ණයෙන් ම ගොඩබෑමට නොහැකි වූ බවත් ගල්අඟුරු තොගය පිළිබඳ ඉන්දුනීසියාවේ පැටවුම් වරායෙන් නිකුත් කළ විද්‍යාගාර පරීක්ෂණ වාර්තා ව්‍යාජ බවට පළ වූ තොරතුරු මත එම වාර්තා නිවැරදි කර ගැනීම සඳහා මෙම පරීක්ෂණය රහස් පොලිසිය ආරම්භ කළ බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    මෙම ගල්අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම රුපියල් 85,27,68,000ක අලාභයක් සිදු ව ඇති බව 2013 ජූලි 29 දින විදුලිබල මණ්ඩලය දන්වා ඇති බවත් එසේ ම ගල්අඟුරු මෙට්රික් ටොන් 29,866ක ප්‍රමාණයක් ආනයනකරු අඩුවෙන් සැපයීම නිසා රුපියල් 65,42,76116.25ක අලාභයක් සිදු ව ඇති බවත් මෙම ගල්අඟුරු නැව් ගත කළ වරායේ දී ලබාගත් සාම්පල විද්‍යාගාර වාර්තා ගොඩබාන අවස්ථාවේ ලබාගත් සාම්පලවල විද්‍යාගාර වාර්තා පරීක්ෂා කර බැලීමේදී ගල්අඟුරුවල ප්‍රමිතියේ  අඩු පාඩුවක් බැලූ බැල්මට නොපෙනුණත් මෙම ගල්අඟුරු  දහනය කර උත්පාදනය කළ බලශක්ති ප්‍රමාණය ගණන් බැලීමේදී අදාළ ගල්අඟුරු තොගයේ කැලරිමය අගය විද්‍යාගාර වාර්තාවල කැලරිමය අගයට වඩා අඩු බව මණ්ඩලයට වාර්තා කර ඇති බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් කීවාය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya