චතාරික කාලයේ පසුතැවිලි වීමේ හා ස්වයං පරිත්‍යාගයේත්, ජේසුස් කි‍්‍රස්තුන්ගේ මාරාන්තික දුක, කුරුසියේ ඇණ ගැසීම මෙන්ම ඉන්පසු ජයග‍්‍රහණයෙන් පිනා ගිය එතුමන්ගේ උත්ථානය ද සිහි ගන්වමින් කි‍්‍රස්තු භක්තිකයන් යාඥා කරන හා වන්දනාමාන කරන ශුද්ධ වූ සතියේත් පී‍්‍රතිමත් සමාප්තිය පාස්කුවයි.
පාස්කුවෙහි සුවිශේෂත්වය නම් යේසුස් කි‍්‍රස්තුන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීම තුළින් සදාතනික සතුටට පැමිණීමට කි‍්‍රස්තු භක්තිකයින්ට මග පාදමින් මරණය අබිබවා යාම එමඟින් විදහා දැක්වීමයි.
ජීවිතයේ සෑම අදියරකදීම මුහුණ පෑමට සිදුවන බාධක මධ්‍යයේ අධ්‍යාත්මික ශක්තියෙන් අනූන වූ යහපත් සමාජයක් ගොඩ නැගීමට ආධාර වන ලෙස සියලුදෙනාටම දයාවේ උද්වේගය තුළින් දුකින් ගැලවීම උදෙසා කැපවීමේ අවශ්‍යතාව පාස්කු උත්සවයෙන් පිළිබිඹු කෙරෙයි.
සමාජ සාධාරණය, සියල්ලන් අතර සාමය හා සංහිඳියාව අවබෝධ කර ගැනීම වෙත ගමන් කිරීමේ අවශ්‍යතාව සියලු මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම පිණිස වූ යේසුස් කි‍්‍රස්තුන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් ලෝකයට මතක් කර දෙනු ලැබෙයි.
කි‍්‍රස්තියානි සම්ප‍්‍රදායයෙහි දක්වා තිබෙන මරණය අබිබවා යෑම තුළින් පැමිණෙන සදාතනික සතුටේ පොරොන්දුව පාස්කු සැමරුමේදී කි‍්‍රස්තු භක්තිකයෝ බෙදා හදා ගනිති.
මම ඔබට පී‍්‍රතිමත් හා සාමකාමී පාස්කු මංගල්‍යයක් ප‍්‍රාර්ථනා කරමි!
මහින්ද රාජපක්ෂ
HC



















