ග්‍රාම නිලධාරී සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගන්වන ලදී.
අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF/NDH
























