ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර කසළ හා අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීම වැඩසටහනක් සැකසේ

    ඔක්තෝබර් 29, 2014

    මහනුවර මහ නගර සභාව බැහැර කරන කසළ හා අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීමේ වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ ව මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන 06ක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පසුගියදා ජපානයේ මිනවාටා සම්මුතියට අත්සන් තබමින් රසදිය අපද්‍රව්‍ය පරිසරයට බැහැරවීම වැළැක්වීමේ වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමට එකඟ වූ බවත් කීය.

    මධ්‍යම පරිසර අධිකාරිය මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත. ජාත්‍යන්තර සම්මුතියට අනුව රසදිය පරිසරයට මුදා හැරීම වැළැක්වීම සඳහා අප කටයුතු කරන්න බැඳී සිටී. එහි පළමු පියවර වශයෙන් පවිත්‍ර ගංගා වැඩසටහන කැලණි ගංගාව මූලික කර ගෙන ආරම්භ කළා. කැලණි රජමහා විහාරය ආසන්නයෙන් ඇරඹි මේ වැඩසටහනේදී කැලණි ගං ඉවුර දෙපස ඇති පරිසරය සංරක්ෂණය කිරීමටත් පියවර ගත් බව ඔහු පැවසීය.

    මේ පිළිබඳ අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, රසදිය පරිසරයට මුදා හැරීම වැළැක්වීම සඳහා උණ කටුව භාවිතය අවම කිරීම සඳහා ඩිජිටල් උණ කටුව භාවිතයට හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. ඊට හේතුව රසදිය සහිත උණ කටුව කැඩුණු විට රසදිය පරිසරයට එක් වීම බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya