ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් සෞඛ්‍ය සේවාවට අය-වැයෙන් බිලියන 181ක්

    ඔක්තෝබර් 30, 2014

    නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මේ වසරේ අය-වැයෙන් රුපියල් බිලියන 181ක් වෙන් කර  ඇති බවත් ගිය වසරේ රුපියල් බිලියන 155ක් වෙන් කර තිබූ බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ජාතික අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා මුදල් වෙන් කරන අතර ම පළාත් සභා මඟින් වෙන් කරන බව ඔහු පෙන්වා දුන්නේය. හැම රෝහලක ම නැති වුණත් බොහොමයක් රෝහල්වල ඖෂධ ගබඩා වායු සමීකරණය කර අංග සම්පූර්ණ කිරීමට හැමවිට ම උත්සාහ දරනවා. නිදහස් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ රෝහල්වලට ශීතකරණ ලබා දී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ මේ අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශය නිසා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජරටින් බිහි වූ නායකයෙක්, පක්ෂයේ පැරණි ම සාමාජිකයෙක් වශයෙන් සිරිසේන මහතාට අනාගත අගමැති වීමේ සුදුසුකම ඇති බවයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya