ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නොවන සංවිධාන සඳහා විධිමත් නීති පද්ධතියක්

    අප්‍රේල් 24, 2014

    රාජ්‍ය නොවන සංවිධාන සඳහා විධිමත් නීති පද්ධතියක් සකස් කරන ලෙසට අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට උපදෙස් දුන්නේය.

     

    ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අනුව අතුරුදන්වූවන් ගැන සොයා බැලීමට කොමිසමක් පත් කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා එම වාර්තාව ලැබුණු විගස ඒ අනුව කටයුතු කරන බව සඳහන් කළේය.


    අතුරුදන්වූවන් පිළිබඳ ව සොයා බැලීම අමාරු තත්ත්වයක් බවත් නීතිවිරෝධී ලෙස රටින් පිටව ගොස් ඇති හා විදෙස් ගතවී ඇති සියලුදෙනා අතුරුදන් ලෙස සටහන් වේ. මේ නිසා සංඛ්‍යා දත්ත පිළිබඳ ව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයි ද එතුමා ප්‍රකාශ කළේය.

     

    එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ, රජයට චෝදනා කරමින් පිටරටවල සිටින පිරිස් තානාපතිවරුන් වෙත නිසි තොරතුරු ලබා නොදෙන බවයි.

     

    ඒ අවස්ථාවේදී පොලිස්පති එන්.කේ. ඉලංගකොන් මහතා, 6000කට ආසන්න පිරිසක් නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් රටින් පිටවීමට ගොස් ආරක්ෂක අංශවලට හසුවී ඇති බවත් ඒ පිරිස අතුරුදන් ලැයිස්තුවේ සිටින අය බවත් ප්‍රකාශ කළේය.

     

    මෙහිදී වැරදිකරුවන්ට මරණ දඬුවම දීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා මරණ දඬුවමට වඩා අවශ්‍ය වන්නේ වැරදිකරුවන් සමාජය තුළින්ම පුනරුත්ථාපනය කළ යුතු වීම බව පැවසීය.

     

    එල්ටී.ටී.ඊ. සංවිධානයේ පිරිස් පුනරුත්ථාපනය කර නිවෙස් වෙත යැව්වේ මේ නිසා බව සඳහන් කළ එතුමා ආගමික පරිසරයක් තුළ හැදුණු වැඩුණු මේ රටේ මිනිසුන් වැරදි කළ විට එය නිවැරදි විය යුත්තේ සමාජය තුළින්ම බව පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya