ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බුදුසසුනට ඉටුකරන මෙහෙවරට ජනපතිට තායිලන්තයෙන් ආචාර්ය උපාධියක්

    නොවැම්බර් 23, 2014

    වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වශයෙන් මෙන් ම සමස්ත බෞද්ධ ලෝකයාට ම පූර්වාදර්ශයක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටුකරන සුවිශේෂී මෙහෙවර අගයමින් තායිලන්ත රජය විසින් එතුමා වෙත ආචාර්ය උපාධියක් පිරිනමනු ලබයි.

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ අභිවෘද්ධිය මෙන් ම ආදර්ශපූර්වාත්මක ජාති හිතෛෂී අභීත නායකත්වය උදෙසා තායිලන්ත රජතුමාගේ අධීක්ෂනය යටතේ පවත්වාගෙන යනු ලබන සුරින්ද්‍ර රාජබට් විශ්වවිද්‍යාලය මඟින් මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

     

    ජනාධිපතිතුමා වෙත මෙම ආචාර්ය උපාධිය පිළිගැන්වීම අද (23) අනුරාධපුරයේ දී සඳහිරු සෑයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය අවස්ථාවේදී සුරින්ද්‍ර රාජබට් විශ්වවිද්‍යාලයේ විශේෂ නියෝජිතයෙකු අතින් සිදු විය.


    HC/pmu_Pix by: Sudath Silva   

     

    doctorate presented to president by Thai government 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya