ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති හා පකිස්තාන් අගමැති නේපාලයේ දී හමුවේ

    නොවැම්බර් 27, 2014
    නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18 වැනි සාර්ක් සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අතරවාරයේ දී ඊයේ (26) පකිස්තාන් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් (Nawaz Sharif) මහතා හමුවිය.
     
    මෙහිදී දෙරටේ නායකයන් ද්විපාර්ශවික සහයෝගිතාව තරකරගැනීම සම්බන්ධයෙන් මෙන් ම ත්‍රස්තවාදී තර්ජන හමුවේ තම කලාපය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්.එම්. සෙනවිරත්න මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya