ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එජාපයේ නායයෑම ආරම්භ වුණා - ජනපති

    දෙසැම්බර් 08, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහ ලේකම් වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා අපේ පැත්තට පැමිණ ඇතැයි ද එජාපයේ නායයෑම ආරම්භ වී ඇතැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසු රාජගිරියේ දී පැවසීය.


    "අපිව අඩු තක්සේරු කරන්න එපා. ලේකම් කෙනෙක් යන කොට ලේකම් කෙනෙක් ගේන එක මේ මහින්ද රාජපක්ෂට කජ්ජක් නෙවෙයි. මේ දොර තව ම ඇරිලා තියෙන්නේ" යනුවෙන් ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

    ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරු ව ජනතාව අමතමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

    එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ, මෙවර ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. අද අපේ පක්ෂයේ ලේකම්තුමා ඒ පැත්තෙන් ඡන්දය ඉල්ලනවා. මම දැන් බලනකොට එහේ ලේකම්තුමාත් අපිට ඇවිල්ලා. ඒ තමා එක්සත් ජාතික පක්ෂයේ නායයාමේ ආරම්භය. 

    අද  නාමයෝජනා පත්‍රය බාර දුන්නා. බුලත් කොළය ලාංඡනයයි. මේ ජයග්‍රහණය, විජයග්‍රහණක් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා "මේ රටේ යුද්ධය නවත්වලා සියලු ආගම් හා ජාතීන්ට නිදහස ලබා දුන්නා. ඒ සියලු ජාතීන්ට නිදහස ලබා දීලා නිවැරදි මාර්ගයට පිය නගන්න අවස්ථාව ලබා දුන්නා. දැන් රට සංවර්ධනය කරා ගෙන යනවා. දැන් අපට ඇත්තේ අනාගතයක්. සමාජයක් ගොඩනගලා ඔබගේ දරුවාට හොඳ අනාගතයක් හදනවා කියන වගකීම මට භාර දෙනවා කියලා විශ්වාසයි. රටක ස්ථාවරභාවය අපි ගොඩනගලා තිබෙනවා. රටක් දියුණු වෙන්න නම් රටකට ස්ථාවර බවක් තිබිය යුතුයි. එය කඩලා දාන්න කවුරු හරි කටයුතු කරයි කියලා හිතන්නේ නැහැ. එහෙම වුණොත් රට කඩා වැටෙනවා. අපි ළඟ මඩ දේශපාලනයක් නැති බවත් සාධාරණ මැතිවරණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. 08 වනදා දක්වා ඉතා ඉවසීමෙන් ප්‍රචණ්ඩත්වයට විරුද්ධ ව සාමයෙන් කටයුතු කළ යුතු බව මෙහිදී පැවසීය. 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්ව සිටින අනෙක් පක්ෂවල සියලු දෙනා ම මෙතන  සිටිනවා. මේක දේශපාලන සන්ධානයක් බවත් අපි පුද්ගලයින් වටා නො ව එක්ව සිටින්නේ දේශපාලනය වටායි. ජයග්‍රහණය කරා යන දර්ශනයක් එක්ක අප එක් ව සිටින බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

    NDH

    nomination 2015 presidential election B

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya