ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආසියාවේ විශාලත ම සමගාමී සමුළුව වන "Momentum" ශ්‍රී ලංකාවේදී අති සාර්ථක ව පැවැත්වේ

    දෙසැම්බර් 17, 2014

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍ර යේ ස්ථාවරත්වයේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් "තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා වන වෘත්තිකයන්ගේ සංවිධානය" විසින් සංවිධානය කළ ආසියාවේ විශාලතම සමකාලික වෘත්තීය සංසදය: ‘මොමෙන්ටම් 2014’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ දී පැවැත්විණි.


    "Momentum" යනුවෙන් නම් කර තිබූ මේ සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, සිනමන් ලේක්සයිඩ් හෝටලය, ගලධාරි හෝටලය හා හිල්ටන් කලම්බෝ රෙසිඩන්සීස් යන ස්ථාන 4ක එකවර මේ සමුළුව පැවැත්වූ අතර ජනාධිපතිතුමා එහි සමාරම්භක අවස්ථාවට එක් විය.

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ සමාජ ක්ෂේත්‍රයන්හි ඉහළ ම පෙළේ වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන මෙම සංසද රැස්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආර්ථික ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය හා වැදගත්කම පෙන්නුම්කරන වේදිකාවක් වනු ඇත.

    මෙම උත්සවයේ සමාරම්භක දේශකයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සහභාගි වේ.

    මීට අමතර ව ප්‍රධාන දේශකයන් ලෙස මාස් හෝල්ඩිංග්ස් සමූහයේ අධ්‍යක්ෂ ඩයන් ගෝමස්, කාගිල්ස් නියෝජ්‍ය සභාපති ප්‍රධාන විධායක නිලධාරි රංජිත් පේජ්, ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ සහ චෙව්රෝන් ලුබ්රිකන්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂ කිෂු ගෝමස් මහත්වරු එක් වෙති. 

    මෙම සංසදය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරු පවත්වන සමග විද්වත් සාකච්ඡාව සමග නිගමනවලට එළැඹීමෙන් පසු ව අවසන් වීමට නියමිතය.

     

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya