ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පකිස්තාන අග්‍රාමාත්‍යවරයා අමතා, ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම කණගාටුව ප්‍රකාශ කරයි

    දෙසැම්බර් 19, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අමතා පෙෂාවර් හි පාසලක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙත තම ශෝකය ප්‍රකාශ කොට ඇත.
     
    ප්‍රහාරය තරයේ හෙළා දුටු ජනාධිපතිතුමා පාසලක අහිංසක ළමුන් ඉලක්ක කරගැනීමේ කෘරත්වය ද විශේෂයෙන් පෙන්වා දුන්නේය.
     
    දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ආකාරය සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ෂරීෆ් මැතිතුමා හට පවසා සිටියේ පකිස්තානය රටක් ලෙස වර්තමානයේ මුහුණ දෙමින් සිටින වේදනාව සහ පීඩාව ශ්‍රී ලංකාවට හැඟෙන බවයි.
     
    ත්‍රස්තවාදයෙන් පාකිස්තානය නිදහස් කරගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ ඇති දැඩි අධිෂ්ඨානය ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගය කළේය. නේපාලයේ දී සාක් සමුළුව අතරතුර නායකයන් දෙදෙනා අතර පැවති සාකච්ඡා පිළිබඳ සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදය එහි සියලු ම ස්වරූපයන්ගෙන් සහ විද්‍යාමාන වීම තුළින් මැඬලීම සඳහා අවශ්‍ය සාමුහික ප්‍රයත්නය නැවතත් සිහිපත් කළේය.
     
    ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමට පාකිස්තානය ලබාදුන් අඛණ්ඩ සහය පිළිබඳ අග්‍රාමාත්‍ය ෂරීෆ්ට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා මෙම ව්‍යවසනය මෙම කලාපයෙන් තුරන් කිරීමට පකිස්තානයට ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය පිළිබඳ ව ද නැවතත් සිහිපත් කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya