ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවන්ට ලක්වූවන්ට කඩිනම් සහන දෙන්න - ජනපති

    දෙසැම්බර් 26, 2014

    පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් විපතට පත් ව සහන කඳවුරුවල රැඳී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව කඩිනමින් ලබා දෙන ලෙසත් විපතට පත් පවුල් සඳහා වියළි ආහාර වෙනුවෙන් රජය සතියකට ලබා දෙන රුපියල් 805/-ක ආධාර මුදල රුපියල් 1500/- දක්වා වැඩි කිරීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

    දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැව් ගණනාවක් වාන් දමමින් තිබෙන අතර දිවයිනේ පළාත් රැසක ජනතාව 669,557 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇත. අද මධ්‍යහන 12:00 වනවිට ආරක්ෂිත ස්ථාන 315ක පවුල් 17459කට අයත් 60414 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට රජය මිලියන 173ක මුදලක් වෙන්කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    SE/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya