ඉන් අනතුරුව උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ විමසා බැලීමේ උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමට ද සහභාගි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු උතුරේ සිදු කළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එහි ගිය ජනාධිපතිතුමාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් සහභාගි වී සිටියහ.
ඡායාරූප - සුදත් සිල්වා
DB



















