දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ථේරවාදී බුදු දහම ලොවට දායාද කිරීමේ මහා ශාසනික වගකීම පෙරදැරිව, පෝෂිත යතිවරයන් වහන්සේ නමක් ව, හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ අපවත් වීම බලවත් ශාසනික හිඩසක් වනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙරපාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකු පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනාවේ විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.