අම්පාර ඔලුවිල් වරාය ධීවර වරායක් ලෙස යළි සක්‍රීය කිරීම සඳහා තාක්ෂණික විසඳුමක් ලබාදීමට, ඊට අදාළ විද්වතුන් තුන් දෙනෙකුගෙන් යුතු කමිටුවක් ස්ථාපිත කර සති 2ක් තුළ වාර්තාවක් ලබාගැනීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය විය.
දිවයින පුරා පිිහිටි සියලු තැපැල් කාර්යාල සඳහා නිල වශයෙන් ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
පවතින නියඟය හේතුවෙන් වගා හානියට පත් ගොවීන් සඳහා වන්දි වශයෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් සහ හෙක්ටයාරයටකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීන්දු කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.