පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.