රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළඹෙන ජුනි පළ වන දිනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතන යොදාගන්න පුද්ගලයන්ට ඉඩදිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.