ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරයි.
මෙරට පොල් වගාව හා ඒ ආශ්‍රිත වගාවන්ට ඇතිවී තිබෙන සුදු මැස්සා උවදුර මර්ධනයට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 85.5 ක මුදලක් වෙන්කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගිය දා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දි පැවැත්විණි.
මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාරගැනීම හෙට අවසන් වේ.