වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ "සිංහල අකුරු" සහ "දෙමළ අකුරු" ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.