භූමි කම්පාවෙන් හානියට පත් නේපාලයට දිගින් දිගටම සහන ලබා දීම සඳහා මුල් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවට එක් වීමට හැකි වූ බවත් දිගින් දිගටම නේපාලයට සහන ලබාදිය යුතු බව ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම, 2016 වසරේ මැදභාගයේ දී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ තනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.