ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැදට අංග සම්පූර්ණ පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකයක්

    මාර්තු 13, 2015
    උතුරු මැද පළාත පුරා ශීඝ‍්‍රයෙන් ඉහළ යන පිළිකා රෝගයට ප‍්‍රතිකාර ලබාදීම සඳහා අංග සම්පූර්ණ පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකයක් අනුරාධපුර ශික්‍ෂණ රෝහල් භූමියේදී ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යපෘති වාර්තාව මේ වන විට සකස්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසීමට තමා අදහස් කරන බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරි සී. හපුආරච්චි මහත්මිය පැවසුවාය.
     
    විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා උතුරු මැද පළාත් ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමේදී ය.
     
    දැනට පවත්වාගෙන යන පිළිකා රෝග ප‍්‍රතිකාර ඒකකයේ කාර්යයන් සඳහා වෛද්‍යවරුන් 16 දෙනෙකු අවශ්‍ය වුවත් එම පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකයේ සේවය සඳහා සිටින්නේ වෛද්‍යවරුන් 03 දෙනෙකු පමණක් බවත් ඇය සඳහන් කළාය. 
     
    යෝජිත අංගසම්පූර්ණ පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකය හා ප‍්‍රදේශයේ ඉහළ යන පිළිකා රෝග තත්ත්වය පිළිබඳ ව ජනාධිපතිතුමන් දැනුවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ට අවස්ථාවක් සලසා දෙන බවත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya