ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "නීරෝගී මාතා" වැඩසටහන 21දා සිට

    මාර්තු 18, 2015
    ගර්භනී මව්වරුන් වෙත ලබාදීමට නියමිත රුපියල් 20,000ක් වටිනා පෝෂණ දීමනාව ලබාදීමේ "නීරෝගී මාතා" වැඩසටහන මේ මස 21දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවෙන් ආරම්භ වේ.
     
    මෙම ජාතික වැඩසටහනට සමඟාමීව මෙම වැඩසටහන මාර්තු 25දින ගම්පහ දිස්ත්‍රික්කයේ, මාර්තු 25දින යාපනයේ හා මාර්තු 31දින කොළඹ දී පැවැත්වේ. 
     
    ශ්‍රී ලංකාවේ වර්ෂයකට නව උපත් ලක්ෂ 04ක් පමණ සිදු වන බවත් මෙහිදී අඩු බර උපත් හේතුවෙන් දරුවෙකු ඉපිද වසර 05ක් ගතවන තුරු පෝෂණ ඌනතා මතුවීම හේතුවෙන් මෙලෙස වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා මහත්මිය පැවසුවාය.
     
    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
     මෙම දීමනාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ ලියාපදිංචි ගර්භනී මවකට ගැබට මාස 04පිරීමේ සිට දරුවා ඉපිද මාස 04ක් මෙම පෝෂණ දීමනාව ලබාදීම සිදු කෙරේ. මෙහිදී මුදල් ලබාදීමක් සිදු නොවන අතර වෛද්‍ය නිර්දේශය මත සකස් කර ගත් පෝෂණ කාණ්ඩ 06ක් යටතේ පෝෂණ ද්‍රව්‍ය ලබාදීම සිදු කෙරේ. මේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා පවුල් සෞඛ්‍ය සේවිකාව මාර්ගයෙන් ලබාගැනීමේ අවස්ථාව ඇත. මෙහිදී ආර්ථික මිනුම් දණ්ඩකින් තොරව මෙම දීමනාව ඉල්ලා සිටින සෑම මවක් සඳහා ම ලබාදීමට රජය තීරණය කොට ඇත.
     
    මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අධීක්ෂණය කිරීමේ කටයුතු ද සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya