ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සුළු අපනයන බෝග පිළිබඳ පස් අවුරුදු සැලැස්මක්

    මාර්තු 19, 2015

    දේශපාලනය තුළ අමාත්‍යවරු මාරුවන විට සියලූ කාර්යයන් වෙනස්වන ක‍්‍රමය වෙනුවට රටේ අවශ්‍යතාවයට නිසි ක‍්‍රමවේදයක් යටතේ ප‍්‍රතිපත්ති සහිත ක‍්‍රමවේදයක් තිබීම කාලීන අවශ්‍යතාවයක් බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ, පසුගියදා (17) ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සුළු අපනයන බෝග පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් හඳුන්වාදීම සහ ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.


    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, අපනයන ක්ෂේත‍්‍රය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප ගන්නා උත්සාහයේ දී ඒ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත් වන බවයි.

     

    අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

     

    “යම් ක‍්‍රියාවලියක් වඩාත් සාර්ථක කර ගැනීමට නම් ඒ සඳහා ව්‍යාප්ති නිලධාරින් ඇතුළු සියලූ ම නිලධාරින් නිසි අවබෝධයෙන් සිටීම ඵලදායි වේ.
     


    පසුගිය වසර 5-10 තුළ නැවත හැරී බැලූවිට ක‍්‍රියාත්මක කළ වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබඳ සතුටු විය හැකිය. නමුත් සැලසුම් කළ අන්දමින් ඉලක්ක සපුරාගත හැකි වූවාදැයි විමසා බැලිය යුතුයි. අපට අවශ්‍ය වන්නේ ගොවියාට ලාභයක් ලැබෙන ආකාරයෙන් වගා කටයුතු සිදු කිරීමයි.
     


    ඉලක්ක මත ම පදනම් නොවූ සැබෑ සංවර්ධන ක‍්‍රියාදාමයක කොටස්කරුවන් වීමට නම් රාජකාරිය නිසියාකාරයෙන් සිදු කිරීම වැදගත්ය. අප සියලූ දෙනාට විවිධ මට්ටම් වලින් අප මත පැටවූ වගකීම් අවබෝධයෙන් යුතුව ඉටුකිරීම සඳහා රාජකාරි පැය 08 ට සීමා නොවී ඉන් ඔබ්බට අපේ කාර්යය භාරය ඉටුකළ යුතුය.”
     


    මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.වි.ජයරත්න සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya