ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ බෙදා හැරීමට පොහොර ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය

    මාර්තු 19, 2015

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම යල කන්නයේ මැයි මාසය තුළ බෙදැහැරීම සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය පිණිස වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

     

    මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද දහවල් (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

     

    රජයෙන් සැපයෙන පොහොර සහනාධාර ක්‍රමය යටතේ ඉතා අඩු මිලකට ගොවීන්ට පොහොර ලබා දීමේ වැඩසටහන වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) විසින් ඉටු කරනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya