ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැදට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක්

    මාර්තු 22, 2015
    උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය කෙරෙහි පළාතේ පානීය ජලය ඍජු බලපෑමක් කරන බව අනාවරණය වී ඇති බැවින් පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා සැලසුම් කර ඇත. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් භූගර්භ විද්‍යාඥයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, උතුරු මැද පළාත් වාසීන්ට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ජනතාව වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම තමන්ගේ එකම අරමුණ බව පැවසීය. 
     
    පානීය භූගත ජලය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනානායක මහතා ප්‍රමුඛ විශේෂඥයන් පිරිසක් මේ සඳහා පුරෝගාමීව කටයුතු කරන බවත් ඔවුන්ගේ සැලසුම් අනුව පොළොවේ ඉතාම ගැඹුරින් ලබා ගැනීමට අදහස් කරන මේ ජලය කිසිදු අයුරකින් ශරීරයට අහිතකර නොවන බවත් පැවසීය.
     
    යෝජිත ළිං සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීම, ළිං කැනීම, ජල පෙරණ සැපයීම, කැනීම් ක‍්‍රියාවලිය මෙන්ම නඩත්තු කටයුතු ආදී කරුණු ගැන මෙහිදී අවධානය යොමු කෙරිණ. අදාළ ජල මූලාශ්‍ර පිළිබඳ මූලික පර්යේෂණ කටයුතු ළඟදීම ආරම්භ කරන බවත් තමා ද රජරටියෙකු බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තමා තුළ පවතින බවත් මහාචාර්ය අතුල සේනානායක මහතා පැවසීය. 
     
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල විද්‍යාඥයන් ඇතුළු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya