ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සාම්පුර් ඉඩම් අක්කර 818 ක් මුල් අයිතිකරුවන්ට

    මාර්තු 24, 2015
    සාම්පූර් ප‍්‍රදේශයේ ආයෝජන මණ්ඩලය යටතේ පවතින ඉඩම් අක්කර 818ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැති ලැබී ඇති බැවින් එය අපේ‍්‍රල් මස අවසන් වීමට පෙර ලබා දෙන බව නැවත පදිංචිකිරීම, ප‍්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කොට ඇත.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය දින ත්‍රිකුණාමලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව අදාළ ඉඩම් ලබාදීම සඳහා එම ඉඩම් හදුනාගැනීම, ඒවායේ නියම අයිතිකරුවන් හදුනාගැනීම ඇතුළු ව ඒ සඳහා වන රජයේ කි‍්‍රයාමාර්ගයන් ගැනීම පිළිබඳ ව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.
     
    එම ඉඩම් අයිතිකරුවන්ට ලබා දීම සඳහා රජයේ පාර්ශවයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග සිදු කිරීම සඳහා අදාළ ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යංශ වෙත දින වකවානු ලබා දෙන ලද අතර අදාළ සියලු කටයුතු නිවැරදිව සිදු කිරීමෙන් පසු අපේ‍්‍රල් 20 ත් 30අතර දිනයක දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම ඉඩම් ලබා දීමට නියමිතව ඇත. 
     
    මීට අමතරව සාම්පූර් නාවික හමුදාව යටතේ පවතින ඉඩම් අක්කර 234 ක් නිදහස් කර අවතැන් වූ ජනතාවට ලබාදීම සඳහා වන මූලික කටයුතු මේ වන විට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරමින් පවතී.
     
    නාවික හමුදාව සඳහා වෙනත් ඉඩම් ලබා දීමට කටයුතු සිදු කරනු ලබන අතර ඉදිරි මාස තුනක කාලය ඇතුළත එම ඉඩම් අවතැන් වු ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya