ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි

    මාර්තු 24, 2015
    යම් පුද්ගලයෙකු ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය වාර්තා වූ රටක සිට පැමිණි පුද්ගලයෙකු නම් එම පුද්ගලයා මෙරටට පැමිණීමෙන් සතියක් ඇතුළත ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇතිවේදැයි විමසිල්ලෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
     
    ඉන්ෆ්ලුවන්සා යනු ශ්වසන ආසාදන තත්ත්වයකි. මෙය යම් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවනු ඇත. උණ, හිසරදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස, නසයෙන් සොටු දියර ගැලීම හා වමනය පාචනය (තිබීමට හෝ නොතිබීමට පුළුවනි) යනාදිය ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ වේ. යි. මේ රෝග ලක්ෂණ ඇත්නම් සෙනඟ ගැවසෙන ස්ථාන මගහැරීම, නිතර ලේන්සුව පාව්චිචි කිරීම, නිතර දෑත් සබන් යොදා පිරිසිදු කිරීම, ලේක්සුව නිතර සේදීම, ටිෂූ ආරක්ෂිත අන්දමින් ඉවත දැමීම, සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු ඉතා ඉක්මනින් මුණගැසී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් වලක්වා ගත හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.
     
    අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළේ ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමිනි.
     
    මේ රෝගය ඇතැම් අවස්ථාවල දී විශේෂයෙන් ළදරුවන්, ගර්භනී කාන්තාවන් හා වයස්ගත පුද්ගලයන් හට වැළදිය හැකි අතර එය අසාධ්‍ය වීමට ද පුළුවනි. ඉන්ෆ්ලුවන්සා රෝගයේ A, B, C යනුවෙන් කාණ්ඩ 03කි. A කාණ්ඩය කුරුළු, කුකුළු, ඌරා හා අශ්වයා යන සතුන්ගෙන් බෝවන අතර මෙතෙක් ලංකාවේ එවැනි රෝගියෙකු වාර්තා වී නැත. B, C කාණ්ඩ මිනිසුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය වේ. A(H1N1) ඉන්ෆ්ලුවන්සා රෝගය පසුගිය කාලයේ මුළු ලොව පුරා පැතිර ගිය අතර ශ්‍රී ලංකාවේ පවතින්නේ  A(H3N2) වර්ගය බව ද වෛද්‍ය පලිහවඩන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya