ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද අනියම් ආදේශක හා කොන්ත‍්‍රාත් සේවකයන් සඳහා ස්ථිර පත්වීම්

    මාර්තු 28, 2015
    උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ අනියම් ආදේශක හා කොන්ත‍්‍රාත් පදනමේ සේවකයන් 700 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප‍්‍රදානය කිරීම පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙහිදී අදහස් දැක් වූ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා, දේශපාලඥයන් වන අපිත්, අද රජයේ ස්ථීර සේවයට පත්වන ඔබලාත් අප සියලු දෙනාම ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතාවගේ කුලීකාරයන්. අපි මව්කුසේ සිට අද දක්වා ම ජනතාවගේ මුදලින් යැපෙන පිරිසක්. ඒක නිසාම රාජ්‍ය සේවය කියන්නේ වැඩ නොකළත් පඩි ලැබෙන සේවාවක් නොව ජනතාව වෙනුවෙන් ජනතා සේවය වෙනුවෙන් කරන සුවිශාල කැපකිරීමක්. ජනතා සේවකයා විශ‍්‍රාමයෙන් පසුවත් අඹු දරුවන්ට පවා ප‍්‍රතිලාභ ලැබෙන වරප‍්‍රසාදයක්.
     
    ඔබ අද ලබා ගන්නා මෙම පත්වීමට අදාළ රාජකාරිය සිදුකිරීමේදී විධිමත්ව, කාර්යක්ෂමව, ඵලදායීව ඉටුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අල්ලසින් දුෂණයෙන් මෙන්ම නාස්තියෙන් තොර රාජ්‍ය සේවයක් බිහිකිරීමේ කොටස්කරුවන් ලෙස ඔබේ දායකත්වය අපේක්ෂා කරනවා. ඒත් තොරතුරු තාක්ෂණය, පරිගණක භාවිතය වැනි නවීන ක‍්‍රමවේදයන් තුළින් රැඩිකල් පිරිසක් රාජ්‍ය සේවයට අත්‍යාවශ්‍යයි.
     
    වැඩ කරනවට වැඩිය වැඩ අඩපණ කිරීමටත් වැඩ නොකරන තැනට කටයුතු කිරීමටත් ඇතැම් රාජ්‍ය සේවකයන් පුරුදු වී සිටිනවා. අද පත්වීම් ලබන ඔබ අපේ රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් මෙබදු බාධක හැඳින අවබෝධයෙන් යුතුව සාර්ථක ජනතා සේවාවක් කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ යහ පාලනය වඩ වඩාත් අර්ථවත් කිරීමට ඔබගේ ජනතා සේවය උපයෝගී කරගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා යනුවෙන් ද ඔහු පැවසීය.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍යරුන් වන එච්.බී. සේමසිංහ, කේ.එච්. නන්දසේන, ආර්.එම්.පී.බී.  රත්නායක, පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල, පළාත් සභා මන්ත‍්‍රී උපාලි විජේකෝන් යන මහත්වරු සහ පළාත් ප‍්‍රධාන ලේකම් සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya