ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 වර්ෂය සඳහා අවශ්‍ය ලොකු ළූණු බීජ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දේශීය ව නිපදවිය හැකියි

    මාර්තු 28, 2015
    ඉදිරි කන්නයේ දේශීය ලොකු ළූණු බීජ අවශ‍්‍යතාව මෙරටදීම සපුරා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා කණ්ඩසාලේ පිහිටි රජයේ ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් පැවසීය.
     
    පසුගිය වසරේ ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම් 25,000ක් පමණ ආනයනය කිරීමට සිදු වුවත්, 2015 වර්ෂය සඳහා අවශ්‍ය ලොකු ළූණු බීජ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දේශීය ගොවි මහතුන්ගේ දෑතින් නිෂ්පාදනය කිරීමට හැකි වී තිබේ. මේ වසර සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණය කිලෝග්‍රෑම් 40,000ක් පමණ වේ. රජයේ බීජ ගොවිපොළ තුළ එම අවශ්‍ය බීජ ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සකස් කිරීමට හැකියාව ලැබී ඇත.
     
    එළඹෙන අප්‍රේල් මාසයේ සිට ලොකු ළූණු බීජ අඩු මිලට ලබාදීමට  කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකියාවක් පවතී. වත්මන් රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉතා වගකීමෙන් යුතුව ලබාදෙන ලොකු ළූණු බීජ විශ්වාසයෙන් යුතුව වගා කිරීමට සූදානම් වන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගොවි මහතුන්ට ආරාධනා කළේය.
     
    මෙවර ලොකු ළූණු බීජ ආනයනය කිරීමට සිදුවේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් කළේ පිටරටින් බීජ ගෙන්වීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා  සඳහන් කළේ, පුද්ගලික අංශයන් ලබාගත් ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම්  01ක් රුපියල් 15,000 සිට රුපියල් 10,000 දක්වා  මිලකට ලබාදීමට  හැකි වූ අතර  මෙවරත් රුපියල් 10,000ක මිලක්  පවත්වා  ගනිමින් ගොවි මහතුන් වෙත බීජ අලෙවි කළ හැකි බවයි. 
     
    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුනිල් ගෝවින්න මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya